Underwear මිලදී ගනිද්දී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න

සාමාන්‍යයෙන් සාප්පු සවාරියකදී යට ඇඳුම් තෝරා ගැනීම සිත් ඇදගන්නා සුළු ක්‍රියාවක් නොවෙයි. මොකද ගොඩක් අය පොදු ස්ථානවලදී මේකට තරමක ලැජ්වක් දනවනවා.ඒ නිසාම ඔබට මේක කරදරයක් විදිහට දැනිලත් ඇති. නමුත් අතැම් යට ඇඳුම් ඇඳ සිටීම තුළින් ඔබට එපා කරවන හැඟීම් පවා ඇති වෙලා ඇති. හිර ගතිය, අපහසු ගතිය, ඔබට ඔබ කොරේම කිසිම විශ්වාසයක් ගැති ගතිය මෙන්න මේ වගේ දේවල් ශබට දැනිලා ඇති. උඩඩ විතරක් ලස්සනට ඇන්දට වැඩක් නෑ යටට අදින ඇඳුම් වලින් ඔබව හිර කරලා නම්.

විලාසිතා කරත් නොකරත් කාන්තාවක් යට ඇඳුම් පිළිබඳව ඔබ සැලකිලිමත් වියයුතුමයි,ඒ සඳහා ඔබේ ශරීර වර්ගය දැන ගැනීම ඉතාමත් වැදගත්.

දැන් බලමු ඔබට ගැලපෙන යට ඇඳුම් තෝර ගන්නේ කොහොමද කියලා..

ඔබේ මෙෂර්මන්ට් එක ගැන සැලකිලිමත් වන්න

ඔබේ ඉණ මැන ගන්න. ඔබේ ඉණ සහ උකුල් මිනුම් ඔබ දන්නේ නම් වෙළඳ නාම හරහා ඔබේ යට ඇඳුම් සඳහා නිසි ප්‍රමාණය සොයාගත හැකිය. එමෙන්ම ඔබේ ශරීරයට වඩාත් සුවපහසු ප්‍රමාණය තෝරා ගත හැකිය.

ඔබේ මෙෂර්මන්ට් එක දෙවරක් පරීක්ෂා කරන්න

සමහර විට ඔබ පළමු වරට එය නිවැරදිව ලබා නොගන්නා නිසා ඔබේ මිනුම් පරීක්ෂා කිරීම වැදගත් වේ.

ඉලාර්සිටික් පටි ගැන සැලකිලිමත් වන්න

යට ඇඳුම් ලිස්සා යාමෙන් හෝ පහළට වැටීමෙන් වළක්වා ගැනීමට තිබෙන එකම විසඳුම ඉණ පටියේ ස්ථීර භාවයයි. යට ඇදුම් තොරෝ ගනිද්දී ඉණ පටිය තරමක් ඇඳ බලන්න. මෙහි යම් ආකාරයක ලිහිල් බවක් ඇති නම් හෝ හිර ගතියක් ඇති බම් ඉන් ඔබ අපහසුතාවට පත් වෙන්න පුළුවන්.

ඉතා තද යට ඇඳුම් ඇඳීමෙන් වලින් වළකින්න

යට ඇඳුම් ඉතා තදින් ඇඳීම තුළින් ඔබේ ඇඳුම් වලින් එම යට ඇදුමේ ගැටිති ස්මතු වී පිටට පෙනෙන්නට පුළුවන්. ඒය ඔබේ මස්පිඬු වලටත් වේදනවක් දනවන දෙයක් විය හැකිය. එබැවින් එය සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකි අතර ඔබට ටිකක් දහඩිය දැමිය හැකිය.

යට ඇඳුම් තෝරා ගැනීමේදී කපු මෙටීරියල් එකක් තෝර ගගන්න

සුව පහසු යට ඇඳුම් ගැන සැලකිලිමත් වන විට කපු රෙදි ඉතාමත් වැදගත්. ඒ කියන්නේ තෙතමනය උරා ගන්නා සුවපහසු බවක් ඇති කරන මෙටීරියල් එකක්. මේ නිසා දහඩිය නොදමන අතර බැක්ටීරියා ආසාදන ගැන ඔබට කරදර විය යුතු නැත. බැක්ටීරියා ආසාදන ඇතිවීමේ හැකියාව නිසා කපු යට ඇඳුම් කාන්තාවන්ට විශේෂයෙන් හොඳ විකල්පයක්.

සිහින් හැඩයක් සඳහා සුදුසු මෙටීරයල් එකක් තොර ගන්න

කපු යට ඇඳුම් වඩාත් සුවපහසු වුවත්, එය සැමවිටම සෑම අවස්ථාවකටම ඇඳ ගෙන යාම ගැලපෙන්නේ නැහැ. ඔබ සිහින් බවකින් යුක්තව දිස්වන ඇඳුමක් අඳිනවනම් , නයිලෝන්, ලයිකා, හෝ ස්පැන්ඩෙක්ස් ආදී මෙටීරියල් එකකින් නිශ්පාදනය කර ලද යට ඇඳුම් තොරා ලන්න. එහිදී මැහුම් රහිත” හෝ “රේඛා නැත” යනුවෙන් ලේබල් කර ඇති යට ඇඳුම් වර්ගයක් තොරා ගන්න. නැතිනම් මෙම මැහුම් දාර හෝ රේකා නිසා ඔබේ සිහින් පෙනුම පිටත ඇඳුමෙනුත් ඉදිරියට නෙරා ඒවී.

Write a comment

Your email address will not be published. All fields are required